කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද(03) දිනයේ ජල කප්පාදුවක් සිදුකෙරෙනවා.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදු කෙරෙන බවයි.
එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයට අනුව කලටුවාව සහ ලබුගම ජලාශවලින් ජලය සපයන පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය ඇතුළු ප්‍රදේශ රැසකට මෙලෙස ජල සැපයුම අත්හිටුවෙනු ඇති.
ඒ අනුව හෝමාගම ප්‍රදේශයට අද(03) රාත්‍රී 8 සිට හෙට(04) රාත්‍රී 8 දක්වා කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
තවද පැලැන්වත්ත ප්‍රදේශයට හෙට(04) රාත්‍රී 8 සිට පසුදින(05) රාත්‍රී 08 දක්වා ජල කප්පාදුව සිදු කිරීමට නියමිතයි.
මෙම ජල කප්පාදුව ඉහත ප්‍රදේශ සඳහා දින තුනකට වරක් සිදු කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් ජල කප්පාදුව සිදු නොවන දිනවල අඛණ්ඩව ජල සැපයීමක් ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.














