නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රීවරයෙකු සමගී ජන බලවේගයෙන් ආසන සංවිධායක ධුරයක් ලබාගැනීමට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින බව වාර්තා වනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායක ධුරයක් ඔහු මෙලෙස ඉල්ලා ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
කෙසේ වුවද පක්ෂ නායකත්වය මෙතෙක් ඊට කැමැත්ත පළ කර නොමැති බවද වාර්තා වනවා.
යම් යම් දූෂණ චෝදනා ඇති අයවළුන්ට සංවිධායක ධුර ලබානොදීමට සමගි ජන බලවේගයේ නායකත්වය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා.
ඔහුට සංවිධායක ධුරයක් ලබාදීමට සමගි ජන බලවේගයේ බොහෝ පිරිස්ද විරෝධය දක්වා ඇති බවයි වාර්තා වන්නේ.
සමගි ජන බලවේගය ඉිදර ිපළාත් සබ ාමැතිවරණය සඳහා සුදුසු අපේක්ෂකයින් තෝරා ගැනීමට අද හෙටම අයදුම්පත් කැඳවීමට තීරණය කර ඇති බවද වාර්තා වනවා.
Source: ලංකාදීප පුවත්පත