අහුංගල්ල – වැලිකන්ද ප්‍රදේශයේ කරවල වියලිමේ මධ්‍යස්ථානයක ඉඩමකින් ක්ලේමෝ බෝම්බයක් හමුවීමේ සිද්ධිය පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.
ගාලු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ ලද තොරතුරකට අනුව සොයා ගත ක්ලේමෝ බෝම්බය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි.
කරවල වියලිමේ මධ්‍යස්ථාන ඉඩමේ කෙසෙල් පඳුරක් යට සඟවා තිබු එය ආරක්ෂක අංශ භාරයට ගනු ලැබුවා.
කරවල වියලිමේ මධ්‍යස්ථානයේ හිමිකරු වන බෙන්තොට සිංහරූපගම පදිංචි පුද්ගලයා මේ වනවිට විදේශ ගතව ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
සැකකරු – සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ සුජි යන අයගේ ගෝලයෙකු බවයි පැවසෙන්නේ.
උණුසුම් පුවත්
- එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්
- ලක්ෂ 20කට ආසන්න අයිස් සමග මොරටුමුල්ලේ රූපලාවන්‍ය ශිල්පිනිය අත්අඩංගුවට
- තෙල් හිඟයක් නැහැ.
- නෙළුව ප්‍රාදේශීය සභාව සහ කින්නියා නගර සභාවේ බලයත් සමගි ජන බලවේගයට
- දික්ඕවිට ධීවර වරාය ආශ්රිත ගැටලුවලට කඩිනමින් විසඳුම්
- ටෙහෙරාන් අගනුවර දැවැන්ත පිපිරීමක්
- LRC ඉඩම් අවභාවිත වීම් ගැන විමර්ශන දිගටම – නි.ඇමති සුසිල්
- අද කාලගුණය