කොලොම්බියාවේ කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි මගීන්15 ම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
HK4709 ලෙස ලියාපදිංචි කර ඇති මෙම ගුවන් යානය, දේශීය වේලාවෙන් පෙ.ව. 11:42 ට කුකුටා ගුවන් තොටුපළෙන් මිනිත්තු 40 ක කෙටි ගුවන් ගමනක් සඳහා පිටත් වී තිබූ යානයක්.
ගුවන් ගත වූ සැණින් පාලන මැදිරිය සමග තිබූ සම්බන්ධතා බිඳ වැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
එම ගුවන් යානයේ, එරට දේශපාලනඥයෙකු වන ඩයෝජන්ස් ක්වින්ටෙරෝ සහ ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයින් කිහිපදෙනෙකෙු සිට ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.










