කොලොම්බියාවේ ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝගේ අමෙරිකානු වීසා බලපත්‍රය අවලංගු කිරීමට අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ නිව්යෝර්ක් නුවර පැවති පලස්තීනයට සහය දැක්වීමේ විරෝධතාවකදී ජනාධිපති පෙට්රෝ විසින් කරන ලද නොසැලකිලිමත් සහ ප්රකෝපකාරී ක්‍රියා හේතුවෙන්
ජනාධිපති පෙට්රෝ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සඳහා නිව්යෝර්ක් වෙත ගොස් සිටියදී, එළිමහනේ රැස්ව සිටි විරෝධතාකරුවන් අමතා ට්‍රම්ප්ගේ විධානයන්ට කීකරු නොවිය යුතු අතර, මනුෂ්‍යත්වයේ විධානයන්ට පමණක් කීකරු විය යුතු බවට ප්‍රකාශ කර තිබුනා.
එමෙන්ම ජනාධිපති පෙට්රෝ සිය දේශනයේදී ගාසා තීරයේ සිදුවන ජන සංහාරයට ට්‍රම්ප් සහකාරීත්වය දරන බවයි කියා සිටියේ