රන් මාල හා දේපළ කොල්ලකෑම් රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් හෙරොයින් සමග අත්අඩංගුවට ගැනීමට කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ කොල්ලකෑ සොරබඩු බැහැර කළ සැකකරුවෙකු සහ සැකකාරියක්ද අත්අඩංගුවට ගැනුණු බවයි.
සැකකරු කැලණිය බකිණිගහපිල්ලෑව පාලම අසලදී අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී හෙරොයින් ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 500ක්ද සැකකරු සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 29ක් පමණ වන කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී වැල්ලම්පිටිය පොලිස් ස්ථානයට වාර්තා වූ රන් භාණ්ඩ හා මුදල් කොල්ලකෑම් රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු බවට අනාවරණය වී තිබෙනවා.
සැකකරුගෙන් කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සොරබඩු බැහැර කළ සැකකාරියක් සහ සැකකරුවෙක් ද අත්ඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 45ක් වූ කොළොන්නාව ප්‍රදේශයේම සැකකාරියක් සහ වයස අවුරුදු 44ක් වූ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සොරකම් කරන ලද කරාඹු ජෝඩුවක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හා සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පෑලියගොඩ පොලිසිය විසින් සිදු කරනු ලබනවා.