එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි සැසිවාරයේදී, රුසියාව, චීනය සහ පකිස්ථානය යන රටවල් විසින් මැද පෙරදිගට, වහාම කොන්දේසි විරහිත සටන් විරාමයක් ලබා දෙන ලෙස ඉල්ලා යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එම මණ්ඩලය ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාර හෙළා දකින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඇමෙරිකා එක්සත් ජනපදය එල්ල කළ ප්‍රහාරය චීනය දැඩිව හෙළා දකින බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිත ආයතනයේ අධීක්ෂණය යටතේ පවතින න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ මෙම ප්‍රහාරය, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්ම සහ ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝණය කරන බවටයි චීනය අවධාරණය කර ඇත්තේ. කෙසේ වෙතත් එක්සත් ජනපදයේ මෙම ක්‍රියාව මැදපෙරදිග ආතතීන් තවත් උග්‍ර කරන බවයි චීන විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
උණුසුම් පුවත්
- ආරුගම්බේදී උඩුකය නිරුවතින් ගිය තායි කතට අධිකරණය දුන් දඬුවම
- සජබය සහ මාලිමාව එක්වූ බේරුවල සභාවේ කතාව මෙන්න
- කොළඹ සුරපුරයක් කරන කමිටුවට අගමැතිනියත් එයි
- අලුත්ම සමීක්ෂණයකින් අනාවරණයක් !
- බන්ධනාගාර රැඳවියන් ඇමති ඉස්සරහා ශිල්ප දක්වයි
- නිශාන්ත වික්‍රමසිංහට ඇප
- දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- නිර්දේශ ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියා