එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි සැසිවාරයේදී, රුසියාව, චීනය සහ පකිස්ථානය යන රටවල් විසින් මැද පෙරදිගට, වහාම කොන්දේසි විරහිත සටන් විරාමයක් ලබා දෙන ලෙස ඉල්ලා යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එම මණ්ඩලය ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාර හෙළා දකින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඇමෙරිකා එක්සත් ජනපදය එල්ල කළ ප්‍රහාරය චීනය දැඩිව හෙළා දකින බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිත ආයතනයේ අධීක්ෂණය යටතේ පවතින න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ මෙම ප්‍රහාරය, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්ම සහ ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝණය කරන බවටයි චීනය අවධාරණය කර ඇත්තේ. කෙසේ වෙතත් එක්සත් ජනපදයේ මෙම ක්‍රියාව මැදපෙරදිග ආතතීන් තවත් උග්‍ර කරන බවයි චීන විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













