
ළහිරු උදාර රැස්කළ විශිෂ්ට ශතකය හේතුවෙන් බ.ඉ. කොදෙව්වන්ට එරෙහි දෙවැනි තරගයේ පළමු දිනට තරගය නිමාකරන විට කඩුලු 5ක් දැවී ලකුණු 338ක් රැස්කිරීමට ශ්‍රී ලංකාව සමත් වුනා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු 25ක් තුළ දවාගැනීමට කොදෙව් පන්දු යවන්නන් සමත්වුවද, දෙවන කඩුල්ලට පන්දු 255කදී ලකුණු 215ක අගනා සබඳතාවක් ගොඩනැනීමට නවක ක්‍රීඩක ළහිරු හා කමිඳු මෙන්ඩිස් සමත්වූවා. එම සබඳතාව බිඳවැටුණේ මුළු ලකුණු 240ක්ව තිබියදී කමිඳු ස්ටප් කිරීමකට හමුවීම හේතුවෙන් ඒ වනවිට ඔහු ලකුණු 84ක් රැස්කරගෙන සිටියා.














