දිට්වා සුළි කුණාටුවෙන් නායයාමේ අවදානමක් හේතුවෙන් දින ගණනාවක් ආරක්ෂිත කඳවුරුවල සිට නැවත තමන් නිවෙස්වලට පැමිණියත් තමන් පදිංචිව සිටි නිවාස වැඩි ප්‍රමාණයක් බිත්ති පුපුරා ඉරිතලා ගොස් ඇති නිසා එම නිවාසවල පදිංචිවී සිටීම දැඩි අවදානම් බවත්, ඒ පිළිබඳ සොයා බැලීමට වසම භාර ග්‍රාම නිලධාරීවරයා හෝ රජයේ කිසිදු වගකිව යුතු නිලධාරියෙක් නොපැමිණි බවට කොත්මලේ, නියම්ගම්දොර ජනපදයේ ජනතාව චෝදනා කරනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය මගින් මිලිමීටර් 150ට වඩා වර්ෂාවක් ලැබුණහොත් ඉන් ඉවත්වන ලෙසට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලදාරීන් තමන්ව දැනුවත් කර ඇති බවත්, දැනට නායයාමේ අවදානමකට ලක්ව ඇති නිවාස 25ක පමණ බිත්ති පුපුරා කඩා වැටීමේ අවදානමකට ලක්ව ඇති බවත් එම ජනපදයේ ජනතාව කියා සිටිනාව.
ජනාධිපතිවරයා දිට්වා සුළි කුණාටුව නිසා පීඩාවට පත් සියලුම ජනතාවට පහසුකම් සහ මුදල් ලබාදෙන ලෙස නොයෙක් දැනුවත් කළද රජයේ ඇතැම් නිලධාරීන් තම නිවාසවලට සිදු වී ඇති හානිය පිළිබඳ සොයා බැලීමට හෝ තමන් පදිංචි නිවාස තවදුරටත් නායයාමේ අවදානමක් තිබේද යන්න සොයා බැලීමට නොපැමිණි බව පීඩාවට පත් නියම්ගම්දොර ජනතාව කියා සිටිනවා.













