කොළඹ කොටුව රේගු මූලස්ථානයේ තිබී ජීව උණ්ඩ දෙකක් හමුව තිබෙනවා.
කොටුව පොලිසිය කියා සිටියේ රේගු මූලස්ථානයේ තෙවන මහලේ තොරතුරු තාක්ෂණ අංශයේ තිබී මෙම උණ්ඩ සොයා ගැනුණු බවයි.
එලෙස හමුව ඇත්තේ ටී-56 ජීව උණ්ඩයක් සහ බෝර 12 වර්ගයේ ජීව උණ්ඩයක් බවයි පොලිසිය පවසන්නේ.
තොරතුරු තාක්ෂණ අංශයේ සහකාර රේගු නිලධාරීන්ගේ විවේක කාමරයේ තිබී එම ජීව උණ්ඩ පොලිසිය විසින් සොයාගෙන ඇත්තේ රේගු මූලස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කොටුව පොලිස් ස්ථානය වෙත ලබාදුන් දුරකථන පණිවුඩයක් අනුවයි.
ජීව උණ්ඩ කවුරුන් විසින් රැගෙන ආවේද සොයා අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් ඇඟිලි සටහන් කාර්යාලයේ නිලධාරීන් සහ නිල සුනඛ අංශයේ සහාය ඇතිව විමර්ශන කටයුතු සිදු කරන බවයි වාර්තා වන්නේ.










