වෙන්නප්පුව ප්‍රදේශයේදී රුපියල් මිලියන 202කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට ලද බුද්ධි තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව, වෙන්නප්පුව බෝලවත්ත ප්‍රදේශයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක දී මෙම කේරළ ගංජා කිලෝ 900 අධික ප්‍රමාණයක් හමුවී තිබෙනවා.
විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල අවි දෙකක්, මැගසින් හතරක්, ජීවි උණ්ඩ 40ක්, ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් සහ එම ජාවාරමට සම්බන්ධ මෝටර් රථයක් සමඟ මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට පත්ව ඇති බව සඳහන්.
මෙම සැකකරුවන් අවුරුදු 44ත් 51ත් අතර වයසේ පසුවන අනුරාධපුර උලුක්කුලම, පොතානේගම සහ නොච්චියාගම යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගෙන තිබෙනවා.