රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුතු කේරල ගංජා කිලෝ 128ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි මෙම කේරල ගංජා තොගය සොයාගෙන ඇත්තේ.
උතුරු මුහුදු ප්රදේශයේ පාවෙමින් තිබු සැකකටයුතු බාහාලුම් 4ක් තුළ පාර්සල් 53ක මෙම කේරල ගංජා තොගය අසුරා තිබු බව නාවික හමුදාව සදහන් කළා.
නිතිවිරෝධි කටයුතු මැඩපැවැත්වීම වෙනුවෙන් නාවික හමුදාව අඛණ්ඩව මෙහෙයුම් සිදුකරනු ලබනවා.