සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි මහජන අත්සන් ලබා ගැනීම කළුතර ශික්ෂණ රෝහල ඉදිරිපිටදී අද දිනයේදීත් සිදු වුණා.
සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් ආසන සංවිධායක අජිත් පී.පෙරේරා මහතා විසිනුයි මෙම අත්සන් ව්‍යාපාරය සිදු කරනු ලැබුවේ.
මේ වන විට සෞඛ්‍ය සේවාවට සිදු වී ඇති හානිය හේතුකර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවටයි විපක්ෂය චෝදනා කරන්නේ.
කළුතර ශික්ෂණ රෝහලෙන් ඖෂධ ලබා ගැනීමට පැමිණි රෝගින් සහ ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා ජනතාව විශාල පිරිසක් මෙම අත්සන් තැබීමට එක්ව සිටියා.
මේ, එහිදි අදහස් දැක්වූ කළුතර දිස්ත්‍රික්කයේ සමගි ජනබලවේගය පක්ෂයේ සංවිධායක අජිත් පී.පෙරේරා මහතා.