සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කණ්ඩායම අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදු කරන විමර්ශන්යන්හිදී හෙළිවන තොරතුරු පදනම් කර ගනිමින් විදේශගතව සිටින තවත් පාතාල සාමාජිකයන් 35 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට ජාත්‍ය්නරත පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිසිය පවසනවා.
ඒ අනුව දැනට විදෙස්ගතව සැඟව සිටින පාතාල සාමාජිකයන් 70කට අධික පිරිසකට ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදන නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
එසේම පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ ජාත්‍යන්තර පොලිසිය මගින් ශ්‍රී ලංකාවට අවශ්‍ය සැකකරුවන් 15 දෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.