කාසල්රී ජලාශයට ප්රධාන වශයෙන් ජල ගලා බසින කෙසෙල්ගමු ඔය රක්ෂති ඉවුරේ බලපත්රයක් නොමැතිව වළවල් හාරා අනවසරෙයන් මැණික් ඉල්ලම් ගොඩ ගනු ලැබූ පුද්ගලයන් පස් දෙනෙකු බගවන්තලාව පොලිසිය විසින් ඊයේ(997) රාත්රීයේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් කෙසේලගමු ඔය රක්ෂිතයේ ඉවුරු කපා මැණික් ඉල්ලම් ගොඩගෙන ප්රවාහනය කිරීමට සූදානම්ව සිටින බවට බගවන්තලාව පොලිසියට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර සැකකරුවන් සහ සැකකරුවන් විසින් වළවල් හාරා ගොඩගෙන පොලිතින් උරවල බහා තිබූ මැණික් ඉල්ලම් සහිත පස් බෑග් කිහිපයක්, මැණික් ගැරීමට උපයෝගී කර ගත් උපකරණ රැසක් සහ මැණික් ඉල්ලම් ප්රවාහනය කිරීමට පැමිණි ත්රිරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන්, නෝර්වුඩ් සහ බගවන්තලාව යන ප්රදේශවල පදිංචිකරුවන් බවත් සැකකරුවන් හැටන් මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් බගවන්තලාව පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් මධුසංඛ මහතා පවසනවා.