Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විශේෂ ඩෙංගු මර්ධන මෙහෙයුම අද සිට

    2026-07-05

    හැටන් නුවරඑළිය මාර්ගය එක් මන්තීරුවකට සීමා කරයි

    2026-07-05

    උසස්  පෙළ නැවත සමීක්ෂණ ප්‍රථිඵල නිකුත් කෙරේ

    2026-07-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විශේෂ ඩෙංගු මර්ධන මෙහෙයුම අද සිට
    • හැටන් නුවරඑළිය මාර්ගය එක් මන්තීරුවකට සීමා කරයි
    • උසස්  පෙළ නැවත සමීක්ෂණ ප්‍රථිඵල නිකුත් කෙරේ
    • යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්
    • ට්‍රම්ප්ගෙන් අමෙරිකානුවන් 11 දෙනෙකුට ජනපති සමාව
    • බස්නාහිර පළාතේ ඩෙංගු ආසාදිතයින් ගණන ඉහළට
    • සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට
    • විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව වෙනස් නොකළයුතු බව නීතීඥ සංගමය කියයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02කියවීමට මිනිත්තු 2ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නැගීමක් සිදුවෙමින් පවතින බව විදෙස් පුවත් සේවා වාර්තා කරනවා.
    රොයිටර් ප්‍රවෘත්ති සේවය වාර්තා කරන්නේ කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් හෝ ඒ ආසන්නයෙන් අදාළ දුම් නැගීම සිදුවී ඇති බවයි.

    එසේම ගිනි නිවන භටයන් සහ ගිලන් රථද එම ප්‍රදේශයේ දක්නට ලැබෙන බවද එම පුවත් සේවය වාර්තා කරනවා.

    ඉස්ලාමීය ජනරජයට එල්ල කරන ලද එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් අසල්වාසි ගල්ෆ් රාජ්‍යයන්ට ඉරානය එල්ල කරන ප්‍රතිප්‍රහාර අඛණ්ඩව තෙවන දිනයටත් අද දිනයේ ක්‍රියාත්මක බවද එම පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

    කුවේට් ආරක්ෂක අංශ විසින් ඩ්‍රෝන යානා බොහෝමයක් රුමයිතියා සහ සල්වා ප්‍රදේශවලදී අල්ලාගෙන ඇති බවත් එම නිසා කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවත් සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂවරයා උපුටා දක්වමින් රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය පවසනවා.

    පසුගිය සෙනසුරාද දිනයේදී අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරවලින් පසුව කලාපයේ පිහිටි අමෙරිකානු කඳවුරු ඉලක්ක කරන බවද ටෙහෙරානය පවසා තිබෙනවා.

    ගල්ෆ් නගර ආශ්‍රීත සිවිල් ජනතාවට සහ වානිජ ප්‍රදේශ රැසකටද ගැටුම්වලින් බලපෑම් එල්ල වී ඇති බවත් ප්‍රධාන කලාපීය ගුවන් සේවා සහ වෙළෙඳ මධ්‍යස්ථාන කෙරෙහිද ගැටුම් දැඩි ලෙස බලපෑම් එල්ල කර තිබෙනවා.

    කුවේට් ගුවන් සීමාවේදී ප්‍රහාරක ජෙට් යානයක් බිම හෙළා ඇති බවටද වාර්තා වී ඇති බවයි විදෙස් පුවත් සේවා පවසන්නේ.

    එම ප්‍රහාරයෙන් පසුව මෙලෙස කුවේට්හි එක්සත් ජනපද කාර්යාල පරිශ්‍රයෙන් දුම් නැගී එන බව අල් අරාබියා මාධ්‍ය ජාලය වාර්තා කරනවා.

    එසේම ඉරානය දෝහා, කුවේට්, ඩුබායි සහ බහරේනය යන ප්‍රදේශවල නව මිසයිල සහ ඩ්‍රෝන යානා රැල්ලක් දියත් කළ බවද සෞදි අරාබියේ අල්-හදාත් නාලිකාව වාර්තා කරනවා.

    කුවේට් හරහා මිසයිල සහ යූ.ඒ.වී. ප්‍රහාර එල්ලවීමේ අඛණ්ඩ තර්ජනයක් පවතින බව පවසමින් තානාපති කාර්යාලය සඳුදා ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

    තානාපති කාර්යාලයට පැමිණීමෙන් වලකින ලෙසත් ඔවුන්ගේ නිවාසවල සැඟව සිටින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා තිබෙන බවද වාර්තා වනවා.

     

    පෙර පුව​තඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    ඊළඟ පුව​ත මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    සබැ​ඳි පුවත්

    විශේෂ ඩෙංගු මර්ධන මෙහෙයුම අද සිට

    හැටන් නුවරඑළිය මාර්ගය එක් මන්තීරුවකට සීමා කරයි

    උසස්  පෙළ නැවත සමීක්ෂණ ප්‍රථිඵල නිකුත් කෙරේ

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    ට්‍රම්ප්ගෙන් අමෙරිකානුවන් 11 දෙනෙකුට ජනපති සමාව

    බස්නාහිර පළාතේ ඩෙංගු ආසාදිතයින් ගණන ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විශේෂ ඩෙංගු මර්ධන මෙහෙයුම අද සිට

    2026-07-05

    හැටන් නුවරඑළිය මාර්ගය එක් මන්තීරුවකට සීමා කරයි

    2026-07-05

    උසස්  පෙළ නැවත සමීක්ෂණ ප්‍රථිඵල නිකුත් කෙරේ

    2026-07-05

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    2026-07-05
    ක්‍රීඩා පුවත්

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    2026-07-05

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    2026-07-04

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-07-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group