
කුලී නිවාසවල සිටින නිවැසියන් හට මුහුණදීමට සිදුව ඇති ගැටලු මුල් කරගනිමින් ‘කුලියට ඉන්නා අපි’ නමින් බිහි වූ සංවිධානය තම ඉල්ලීම්වලට සහනයක් ඉල්ලා ලිපියක් භාරදීමට ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ නිහඩ විරෝධයක නිරත වුණා.
එහිදී පැමිණි පිරිස ජනාධිපති මහජන සබඳතා අංශය වෙත යොමු කර ඔවුන්ගේ ඉල්ලීම ඉදිරිපත් කළා.














