කුකුළු මස් මිල පහළ දැමීමට කුකුළු මස් නිෂ්පාදකයින් එකගතාව පළකර තිබෙනවා.
ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කුකුළු මස් කිලෝවක් රුපියල් 100කින් පහළ දැමීමටයි ඔවුන් පියවර ගෙන ඇත්තේ.
කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමය සහ වෙළද අමාත්‍ය නලීන් පනාන්දු මහතා අතර ඊයේ පැවති සාකච්ඡාවෙන් පසුව මෙම තීරණය ගෙන තිබුණා.
කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමය පැවසුවේ කුකුළු මස් කිලෝවක නව මිල රුපියල් 1150ක් වන බවයි.