පවතින අයහපත් කාළගුණය සම්බන්ධයෙන් කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විශේෂ අවවාධාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දක්වා ඇත්තේ මේ වන විට ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර 490 ගිනිකොණ දෙසින් ස්ථාපිත ව පවතින බවයි.
එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 24 තුළ දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ළඟාවන බවද එම නිවේදනයේ සදහන්.
එමෙන්ම එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා ඇත්තේ මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවයි.
ඒ අනුව අද දින සිට නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා..
මෙම පද්දතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් මි.මී. 100 ට වැඩි ඉතා තද වැසි ඇති වන බවද එම දෙපාර්තුමේන්තුව අවධාරණය කරනවා.
උණුසුම් පුවත්
- වසරේ පළමු දින 8 තුල හැටදහස ඉක්මවූ සංචාරකින් සංඛ්‍යාවක් මෙරටට
- අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් සහ ජනාධිපති අතර හමුවක්
- ඉරානය සමග ගනුදෙනු කරන රටවල්වලට ට්‍රම්ප්ගෙන් තීරු බද්දක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මෙරටට
- මෙරට මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුව
- බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවක් ජීවිතක්ෂයට
- බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට











