විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ අයර්ලන්තය අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත්ව තිබෙනවා.
ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ අතර පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදී තිබෙනවා.
තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත අතර මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය මෙය වනවා.
තරගය සඳහා සහභාගි වන කණ්ඩායම් දෙක පහත පරිදි වේ.
Sri Lanka XI: Pathum Nissanka, Kamil Mishara, Kusal Mendis, Pavan Rathnayake, Kamindu Mendis, Dasun Shanaka, Dunith Wellalage, Wanindu Hasaranga, Dushmantha Chameera, Maheesh Theekshana, Matheesha Pathirana
Ireland XI: Paul Stirling (capt), Ross Adair, Harry Tector, Lorcan Tucker (wk), Curtis Campher, Ben Calitz, George Dockrell, Gareth Delany, Mark Adair, Barry McCarthy, Matthew Humphreys














