වතුකරයේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමිමේ අරමුණින් කාසල්රි ජලාශයට තිලාපි මත්ස්‍ය ඇගිල්ලන් ලක්ෂයක් මුදා හැරිම (29) දින පස්වරුවේ සිදු කෙරුණා.
මධ්‍යම පළාත් සභාව සහ කාසල්රි ජලාශයේ ධිවර සමිතියේ ප්‍රතිපාදන මතයි වැඩසටහන සිදු කළේ.
උඩවලව මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයේ අභිජනනය කරන ලද තිලාපි මත්ස්‍ය ඇගිල්ලක් ලක්ෂයක් මෙසේ ජලාශයට මුදා හැරියා.