තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව සක්‍රීය නිරිත දිග මෝසම් හේතුවෙන් බෙංගාල බොක්ක මුහුද ප්‍රදේශයේ පැයට කිලෝමීටර 70 ත් 80 ත් අතර සුළං පැවතිය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාවට ඒ පිළිබදව දැඩි අවධානයෙන් පසු වන ලෙසටයි එම දෙපාර්තමේන්තුව අනතුරු අගවන්නේ.
මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව ද එම නිවේදනයේ සදහන්.