
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත් වුනා.
ඒ අනුව ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගත්තේ 7වැනි වරටයි.
ඊයේ අවසන් වූ මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 150ක් රැස්කර සිටියා.
කෙසේ නමුත් එම ඉලක්කය හඹාගිය ඔස්ට්‍රේලියාව ආරම්භයේ සිටම එංගලන්ත පන්දු යවන්නියන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කර, තරගයේ සම්පූර්ණ පාලනය සියතට ගැනීමටයි සමත් වුනේ.
ඒ අනුව ඔවුන් සිය ඉලක්කය කඩුලු 3ක් පමණක් දැවී තරගයේ 18 වැනි පන්දුවාරයේදී පසුකර යෑමට සමත් වුනා.
ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙසින් හැඳින්වෙන ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී මෙම අවසන් මහා තරගය ඊයේ පසුවරුවේ පැවැත්වුනා.














