මෙරට කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් නව පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ගෙන එන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා සඳහන් කලේ එළඹෙන මැයි මාසයේදී එම පනත් ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
කාන්තා දින සැමරුම් ජාතික උත්සවයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙම අදහස් පල කලා.
ඒ අනුව කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත සහ ස්ත්රී පුරුෂ සමාජභාවය සහ සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත මෙලෙස ඉදිරිපත් කෙරෙනු ඇති.