අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය 2025 ඔක්තෝබර් 12 වනදා සිට 15 වැනි දින දක්වා චීනයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා
ඒ මහජන චීන සමූහාණ්ඩුවේ රජයේ ආරාධනාවකට අනුවයි
සිය සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍යවරිය, චීනය සහ එක්සත් ජාතීන්ගේ කාන්තා සමුළුව එක්ව සංවිධානය කරන, “කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ රැස්වීම”ඇමතීමට නියමිතව තිබෙනවා.
ඒ “පොදු අනාගතයක්: කාන්තාවන්ගේ සමස්ත සංවර්ධනය සඳහා නව සහ වේගවත් ක්‍රියාවලියක්” යන තේමාව යටතේයි.
එහිදී අග්‍රාමාත්‍යවරිය, චීන ජනාධිපති ෂී ජින් පිං සහ අගමැති ලී ච්‍යං යන මැතිවරුන් ඇතුළු ඉහළ මට්ටමේ නිලධාරීන් සමඟ රැස්වීම් පැවැත්වීමටද නියමිතව තිබෙනවා .
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














