
කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ මහනුවර උප ඒකකය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු 36 හැවිරිදි ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු පැමිණිලිකාරිය සමඟ විවාහ වී සිට පසුව නීත්‍යානුකූලව වෙන්වී සිටියදී මෙම ක්‍රියාව සිදුකර ඇති බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබුනා.














