කතරගම පෙරහැරට සමගාමීව එම නගරය පිරිසිදු කිරීමේ ව්‍යාපාතියක් ආරම්භ කර තිබෙනවා. ඒ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය මුල් කර ගනිමින්. මෙම ව්‍යාපෘතිය ජූලි මස 10 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සහ කතරගම ප්‍රාදේශීය සභාව එක්ව මෙම ව්‍යාපෘතිය සිදු කරනු ලබනවා. මෙම වැඩසටහන සදහා පාසල් සිසුන් සහ ස්වේච්ඡා සංගම්වල දායකත්වය ලබා ගැනීමටද නියමිත බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ. ඒ අනුව රුහුණු මහා කතරගම දේවාලය, කිරි වෙහෙර පුදබිම, සෙල්ල කතරගම සහ වැඩසිටි කන්ද මුල් කර ගනිමින් මෙම ව්‍යාපෘතිය සිදු කරනු ලබනවා. මේ අතර රුහුණු මහා කතරගම දේවාලයේ පළමු පෙරහැර ඊයේ රාත්‍රියේ යෙදුණු සුභ මෙහොතින් වීථි සංචාරය කරනු ලැබුවා. පෙරහැර මංගල්ලයේ දෙවන පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













