ර කළු ගඟේ ජල මට්ටම රත්නපුර, මිල්ලකන්ද සහ ඇල්ලගාව ප්‍රදේශවලින් අවධානය යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේනමුත් පැවති වර්ෂාපතනයන් අනුව එය ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවට අපේක්ෂා නොකරන බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ.
අද දිනයේ වර්ෂාපතනය අනුව කළු ගඟ ද්‍රෝනියේ වෙසෙන ජනතාව විශේෂ අවධානයෙන් පසුවන ලෙස ද ඒ මහතා දැනුම් දෙනවා.
මේ වනවිටත් ජල මට්ටම් ඉහළ තත්ත්වයක පවතින අතර, ඒ අනුව ඉදිරියේ දී සැළකිය යුතු වර්ෂාපතනයක් පතිත වූ වහාම ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානම පවතින බවයි අධ්‍යක්ෂවරයා වැඩිදුරත් සදහන් කළේ.
ඒ, අනුව කැළණි ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ජනතාව ද විශේෂ සැලකිල්ලෙන් සිටිය යුතු බවටයි දැනුම් දෙන්නේ.
උණුසුම් පුවත්
- කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
- හදිසියේම මන්නාරම දිස්ත්‍රික්කය තුල තහනමක් ?
- ආධාර අරගෙන ඉන්දියාවෙන් 08 වැනි යානයත් එයි !
- ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයෙන් දැනුම්දීමක් – VIDEO –
- ආපදාවට පත් පිරිසට දිගු කාලින විසදුම් ලබා දිය යුතුයි – ජනපති
- රග්බි ලෝක කුසලානයට ප්‍රථම වරට කණ්ඩායම් 24ක්
- අයහපත් කාලගුණයෙන් ඉන්දුනීසියාවේ මරණ 700 ඉක්මවයි
- ආපදා තත්ත්වයෙන් රට ගොඩගැනීමට රජය ඇප කැප වනවා – බුද්ධශාසන නියෝජ්‍ය ඇමති කියයි













