ර කළු ගඟේ ජල මට්ටම රත්නපුර, මිල්ලකන්ද සහ ඇල්ලගාව ප්‍රදේශවලින් අවධානය යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේනමුත් පැවති වර්ෂාපතනයන් අනුව එය ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවට අපේක්ෂා නොකරන බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ.
අද දිනයේ වර්ෂාපතනය අනුව කළු ගඟ ද්‍රෝනියේ වෙසෙන ජනතාව විශේෂ අවධානයෙන් පසුවන ලෙස ද ඒ මහතා දැනුම් දෙනවා.
මේ වනවිටත් ජල මට්ටම් ඉහළ තත්ත්වයක පවතින අතර, ඒ අනුව ඉදිරියේ දී සැළකිය යුතු වර්ෂාපතනයක් පතිත වූ වහාම ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානම පවතින බවයි අධ්‍යක්ෂවරයා වැඩිදුරත් සදහන් කළේ.
ඒ, අනුව කැළණි ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ජනතාව ද විශේෂ සැලකිල්ලෙන් සිටිය යුතු බවටයි දැනුම් දෙන්නේ.
උණුසුම් පුවත්
- ගැඹුර පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 170ක් නැගෙනහිරින්
- වික්ටෝරිය, රන්දෙනිගල සහ රන්ටැඹේ ජල මට්ටම ගැන නිවේදනයක්
- නවගමුවේ ඇඟලුම් කම්හල ගින්නක්
- දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අරියි
- ඉදිරි පැය 24 තීරණාත්මකයි – අවදානයෙන් පසුවන්න
- ශ්‍රී පාද හැටන් මාර්ගයේ සිරිපා කරුණාවට කිසිදු අවදානමක් නෑ
- කසළ එකතු කිරීම බදු ගෙවූ ව්‍යාපාරිකයන්ගෙන් පමණයි
- උඩදුම්බරට භූ කම්පනයක්













