කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු කාර්යභාර නිලධාරිනිය සහ රියදුරකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින්.
එම ප්‍රාදේශීය සභාවේ සේවකයන්ගේ වැටුප්වලින් වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අධික මුදලක් වංචා කළ බව පැවසෙන සිදුවිමකට අදාළව මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය කළුතර බෝමුවල ප්‍රදේශයේ පදිංචි හතළිස් පස් හැවිරිදි කාන්තාවක්.
සැකකරු වයස අවුරුදු පනස් හතරක් පමණ වන වාද්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
කළුතර ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා විසින් කළ පැමිණිල්ලක් මත සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසුව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම වංචාව සම්බන්ධයෙන් අනාවරණවීමෙන් පසු ඔවුන්ගේ වැඩ තහනමකට ලක්ව සිටියා.
අත්අඩංගුවට ගැනුනු සැකකාරිය සහ සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.