කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවා ඇති බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ කෙත්හේන සිට කළුතර දක්වා ප්‍රධාන සැපයුම් මාර්ගයේ බිඳවැටීමක් හේතුවෙන් බවයි එම මන්ඩලය පවසන්නේ.
අදාළ බිඳවැටීම හෙට(16) පෙරවරු 10 පමණ වන විට යථාතත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවටයි ජල සම්පාදන මණ්ඩලය විශ්වාසය පළ කරන්නේ.
මෙම තත්ත්වය හේතුවෙන් වස්කඩුව, මොල්ලගොඩ, මොරොන්තුඩුව, කළුතර උතුර, කළුතර දකුණ, නාගොඩ, කටුකුරුන්ද සහ බෝම්බුවල යන ප්‍රදේශයන්හි ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් තවදුරටත් විස්තර ලබාගැනීමට 1939 ඇමැතීමෙන් හැකියාව ඇති බවද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.














