Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කුවේට් ගුවන්තොටුපොළේ ගුවන් කටයුතු තාවකාලිකව නවතී

    2026-07-18

    රටම එකට ජාතික මෙහෙයුම යටතේ පුද්ගලයින් 706ක් අත්අඩංගුවට

    2026-07-18

    LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට

    2026-07-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කුවේට් ගුවන්තොටුපොළේ ගුවන් කටයුතු තාවකාලිකව නවතී
    • රටම එකට ජාතික මෙහෙයුම යටතේ පුද්ගලයින් 706ක් අත්අඩංගුවට
    • LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට
    • වියට්නාමයේ හදිසි ගංවතුර තත්ත්වයකින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට
    • රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට
    • ජල නිෂ්පාදන පිරිවැය අවම කිරීමට අවධානය යොමු කෙරේ
    • මදුරුවන් බෝවන පරිදි පරිශ්‍රයන් පවත්වා ගන්නා පුද්ගලයන්ට එරෙහිව නඩු
    • නීතිවිරෝධී යතුරුපැදි සමඟ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » UPDATE: අධිවේගී පිවිසුම ආසන්නයේදී කතක් ඝාතනය කළ සැකකරු රටින් පනින්න යද්දි අල්ලයි

    UPDATE: අධිවේගී පිවිසුම ආසන්නයේදී කතක් ඝාතනය කළ සැකකරු රටින් පනින්න යද්දි අල්ලයි

    2024-01-10කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කහතුඩුව අධිවේගී පිවිසුම ආසන්නයේදී කාන්තාවක් ඝාතනය කිරීමට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ සැකකරු රටින් පළා යාම සඳහා කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදීයි.

    පොලිසිය පවසන්නේ වයස අවුරුදු 45ක පමණ පුද්ගලයෙක් මෙලෙස රටින් පළා යාමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගැනුණු බවයි.

    සැකකරු වසර ගණනාවක් විදෙස්ගතව සිට දිවයිනට පැමිණි පුද්ගලයෙක් බවද පොලිසිය පවසනවා.

    කහතුඩුව අධිවේගී පිවිසුම ආසන්නයේ මාර්ගයේදී ඝාතනයට ලක්වූ කාන්තාව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවිකාවක් බවත් ඇය ඊයේ දිනයේ සවස සේවය නිමවී නිවස බලා යමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවත් පොලිසිය පවසන්නේ.

    පොලිසිය සැක කරන්නේ මෙම ඝාතනය අනියම් ප්‍රේම සබඳතාවයක් හේතුවෙන් සිදුවන්නට ඇති බවටයි.

    ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.


    කහතුඩුව අධිවේගී පිවිසුම අසලදී කතක් ඝාතනය කෙරේ [Jan 10, 2024 at 08:17]

    කහතුඩුව අධිවේගී පිවිසුම් මාර්ගය ආසන්නයේදී කාන්තාවකට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා.

    පොලිසිය කියා සිටියේ ඊයේ(09) සවස කාලයේදී මෙම ඝාතනය සිදුව ඇති බවයි.

    කහතුඩුව පොලිසියට ලද පැමිණිල්ලක් මත කරන ලද විමර්ශනයකදී එලෙස ඝාතනයට ලක්ව සිටි කාන්තාවකගේ මෘතදේහය සොයා ගත් බවයි පොලිසිය පවසන්නේ.

    මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පිළියන්දල, මඩපාත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක් පමණ වන කාන්තාවකි.

    ඝාතනයට ලක්වූ කාන්තාව අධිවේගී පිවිසුම අසලින් ගමන් ගනිමින් සිටියදී කාර් රථයකින් පැමිණි පුද්ගලයකු විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය සිදු කර ඇති බවට මූලික විමර්ශනවලින් අනාවරණ වූ බවයි පොලිසිය පවසන්නේ.

    ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

    කෙසේ වෙතත් ඝාතනය සිදු කරන ලද සැකකරු හඳුනාගෙනඇති බවත් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කහතුඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    මේ අතර ඌරගස්මංහන්දිය, තොටකනත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් සිටියදී සොයා ගත් බව ඌරගස්මංහන්දිය පොලිසිය පවසනවා.

    මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 44ක් වූ තලටිගොඩ, තොටකනත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මියගිය පුද්ගලයාගේ පිට ප්‍රදේශයේ පිළිස්සුම් තුවාලයක් දක්නට ලැබෙන බවයි පොලිසිය කියා සිටියේ.

    මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව මෘත දේහය ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඌරගස්මංහන්දිය පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

    පෙර පුව​තමහල් නිවසින් වැටී කතක් මරුට
    ඊළඟ පුව​ත පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

    සබැ​ඳි පුවත්

    කුවේට් ගුවන්තොටුපොළේ ගුවන් කටයුතු තාවකාලිකව නවතී

    රටම එකට ජාතික මෙහෙයුම යටතේ පුද්ගලයින් 706ක් අත්අඩංගුවට

    LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට

    වියට්නාමයේ හදිසි ගංවතුර තත්ත්වයකින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට

    රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට

    ජල නිෂ්පාදන පිරිවැය අවම කිරීමට අවධානය යොමු කෙරේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කුවේට් ගුවන්තොටුපොළේ ගුවන් කටයුතු තාවකාලිකව නවතී

    2026-07-18

    රටම එකට ජාතික මෙහෙයුම යටතේ පුද්ගලයින් 706ක් අත්අඩංගුවට

    2026-07-18

    LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට

    2026-07-18

    වියට්නාමයේ හදිසි ගංවතුර තත්ත්වයකින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට

    2026-07-18
    ක්‍රීඩා පුවත්

    LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට

    2026-07-18

    පාපන්දු ශූරයින්ට මුදු පිරිනැමීමට තීරණයක්

    2026-07-18

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹෙයි

    2026-07-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group