විදේශීය ආධාර මත පවත්වාගෙන යනු ලබන ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පාසලක බාලවයස්කාර සිසුවියන් තිදෙනකුට එහි විදුහල්පතිනිය සහ පාලකවරිය බව කියන විදේශීය කාන්තාවක් වේවැලකින් පහර දුන් පුවතක් වාර්තා වනවා.
අදාල පහර දීමෙන් අනතුරුව එම සිසුවියන් තිදෙනා ගෝනදූව රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් පසුවන බවයි ඌරගස්මංහන්දිය පොලීසිය පවසන්නේ.
මෙසේ රෝහල්ගකර ඇත්තේ අවුරුදු 10, 12 සහ 14 යන වයස්වල පසුවන තිදෙනෙක්.
පාසලේ වතුර කරාමයක් කඩා දැමූ බවට වූ චෝදනා කරමින් අදාළ විදුහල්පතිවරිය විසින් සිසුවියන්ට පහර දී ඇති බව සඳහන්.
පහර දීම සම්බන්ධයෙන් සිසුවියන්ගේ දෙමවුපියන් ඌරගස්මංහන්දිය පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
උණුසුම් පුවත්
- දේශීය අල ගොවියා දැඩි අර්බුධයක
- චිකුන්ගුන්යා රෝගයේ අඩුවක්
- Child First ව්‍යාපෘතිය ඇරඹේ
- ඊශ්‍රායල – ඉරාන රටවල සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්
- රටේ අත්‍යාවශ්‍ය ඖෂධ රැසක් හිඟයි – විපක්ෂ නායක
- තුර්කි නාවික හමුදා නෞකාව නිරීක්ෂණය කරයි
- බ්‍රිතාන්‍යයට සරණාගතයින් වැඩිම පිරිස පාකිස්ථානයෙන්
- මත්ද්‍රව්‍ය වැළැක්වීමේ වැඩපිළිවෙලක්