කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා.
මෙරට දළ දේශීය නිෂ්පාදිතයට කර්මාන්ත අංශයේ සහ නිෂ්පාදන අංශයේ දායකත්වය ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී පුලුල් ලෙස සාකච්ඡාවට ලක් වුනා.
ව්‍යවසායකත්ව දායකත්වය ඉහළ නැංවීම හා වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් වන ආදායම ඉහළ නංවා ගැනීමත් මෙහි අරමුණ වී තිබෙනවා.
ඒ අනුව කර්මාන්ත කලාප පිහිටුවීම, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා ණය සහන ලබා දීම සහ අපනයන ක්ෂේත්‍රයේ පහසුකම් ඉහළ නැංවීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වුනා.
සෙවණගල සහ පැල්වත්ත සීනි කර්මාන්තශාලා ආශ්‍රිතව මතුව ඇති ගැටලු පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා සකච්ඡාවට ලක් කර තිබෙනවා.
එහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ උක් ගොවීන්ට ගෙවීමට ඇති සියලු මුදල් නිසි පරිදි ගෙවා අවසන් කිරීම කඩිනම් කරන ලෙසයි.
කර්මාන්ත අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන විසින් දැනට සපයනු ලබන සේවාවන් ඒකාබද්ධ කිරීමේ සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.
උණුසුම් පුවත්
- සූදු ක්‍රීඩා නියාමන පනතට කථානායකගේ අනුමැතිය
- උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
- අන්තර් විශ්වවිද්‍යාල විද්‍යායතන ශිෂ්‍ය ක්‍රියාකාරි සාමාජිකයන් හා හරිනි අමරසූරිය මෙනවිය අතර සාකච්ඡාවක්
- විදුලි සංදේශ යටිතල පහසුකම්වල දැඩි අවශ්‍යතාවක් – එරංග වීරරත්න
- නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක්
- ජනපතිගෙන් වැරදි වැඩ කරන පොලිස් නිලධාරීන්ට රතු එළි – VIDEO –
- මන්නාරමෙන් , සීදුවෙන් මත්ද්‍රව්‍ය තොග පිටින් අහුවෙයි
- උක් ගොවි ගිනි කෙළි සෙල්ලමට හඳුන්ගේ රතුකට්ට පනියි.. – VIDEO –