කඳාන ප්‍රදේශයේදී අද උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෝටර් රථයක සිටි පුද්ගලයන් දෙදෙනෙකුට කඳාන නගරයේදී වෙඩි තබා ඇති බවයි පොලිසිය පවසන්නේ.
අදාළ වෙඩි තැබීම කඳාන වෙළෙඳ පොල ආසන්නයේදී සිදුව තිබෙනවා.
වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයන් දෙදෙනෙක් රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
තුවාල ලැබූවන් රාගම ශීක්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.