කඳාන, පොදු වෙළෙඳසැල අසලදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාළව පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරකට අනුව කඳාන රූපමුල්ල හංදිය සහ කඳාන නගරයේ කළ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ. යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු විසින් මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර කඳාන ප්‍රදේශයේදී පසුගිය තුන් වැනිදා වෙඩි තැබීමක් සිදු කර තිබුණා. එහිදී වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනාම රාගම රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව එක් පුද්ගලයෙකු මිය ගියා. අත්අඩංගුවට ගත සැකකරුවන් වයස අවුරුදු 25 සහ 26 යන වයස් කාණ්ඩවල පසුවන කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.
උණුසුම් පුවත්
- ප්‍රධාන දඩ මස් සමග අනුරාධපුරේ කපුවෙකු අත්අඩංගුවට
- දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි
- ඩෙන්මාර්ක් සහ ශ්‍රී ලංකා අතර ද්විපාර්ශ්වික ගිවිසුමක් අත්සන් තබයි
- පාසල් සිසුන්ට පාවහන් ලබා දීමට රජයෙන් නව වැඩපිළිවෙලක්
- වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නාමල් හමුවෙයි
- තුන්කොන් සටනේ පළමු ජය පාකිස්තානයට
- අයහපත් කාලාගුනයෙන් වියට්නාමයට දැඩි බලපෑම්
- 2026 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ සිවිවන දිනය අද












