කඳාන, පොදු වෙළෙඳසැල අසලදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාළව පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරකට අනුව කඳාන රූපමුල්ල හංදිය සහ කඳාන නගරයේ කළ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ. යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු විසින් මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර කඳාන ප්‍රදේශයේදී පසුගිය තුන් වැනිදා වෙඩි තැබීමක් සිදු කර තිබුණා. එහිදී වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනාම රාගම රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව එක් පුද්ගලයෙකු මිය ගියා. අත්අඩංගුවට ගත සැකකරුවන් වයස අවුරුදු 25 සහ 26 යන වයස් කාණ්ඩවල පසුවන කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.
උණුසුම් පුවත්
- ඝණ දෙවි ප්රතිමාවන් කොටගල ජලාශයේ දිය කර හැරීමේ උත්සවය අභිමානවත් ලෙස සමරයි
- ඇෆ්ගනිස්ථාන භූ කම්පනයෙන් මිය ගිය පිරිස ඉහළට
- ‘‘කප්තුරු සවිය” හෙට පුදුකුඩුඉරිප්පුවේදී
- ලබන වසර සඳහා ගිනි අවි බලපත්ර නිකුත් කිරීම අද සිට
- වන අලි පහරින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට
- පොලිස් විශේෂ කාර්ය බලකායේ රණවිරු ගුණ සමරු උත්සවය අද
- තව දවස් දෙකක් පහු වුණා නම් සර්ලට අපේ නැට්ටවත් අල්ලන්න බෑ
- වෙන්නප්පුව ඝාතනයේ තවත් දෙන්නෙක් කොටු