කඳාන, පොදු වෙළෙඳසැල අසලදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාළව පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරකට අනුව කඳාන රූපමුල්ල හංදිය සහ කඳාන නගරයේ කළ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ. යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු විසින් මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර කඳාන ප්‍රදේශයේදී පසුගිය තුන් වැනිදා වෙඩි තැබීමක් සිදු කර තිබුණා. එහිදී වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනාම රාගම රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව එක් පුද්ගලයෙකු මිය ගියා. අත්අඩංගුවට ගත සැකකරුවන් වයස අවුරුදු 25 සහ 26 යන වයස් කාණ්ඩවල පසුවන කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.
උණුසුම් පුවත්
- අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි
- කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි
- දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට
- නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්
- ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි
- ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල
- T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද
- සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි














