කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කර රැක ගැනීම සඳහා රජයේ පරිසර ප්‍රතිපත්තියට අනුකූල නව වැඩසටනක් අද සිට ආරම්භ කරන බව පරිසර අමාත්‍යාංශය නිවේදනය කරනවා.
“කඩොලානට දලුලන්න ඉඩදෙන්න” යන්න මෙම වැඩසටහනේ තේමාව වනවා.
මෙම වැඩසටහන ඔස්සේ පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පුත්තලම අඩෙවි වන කාර්යාලයට අයත් කඩොලාන වනාන්තරවලින් හෙක්ටයාර 67කට ආසන්න ප්‍රමාණයක් රක්ෂිත ලෙස නම් කිරීමට නියමිතව තිබෙනවා.
“කඩොලානට දලුලන්න ඉඩදෙන්න” වැඩසටහන පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ සහභාගීත්වයෙන් පාලවිය, කරඹ පරිශ්‍රයේ දී ආරම්භ වුනා.
එම වැඩසටහනට සමගාමිව කල්පිටිය ප්‍රදේශයේ ධීවර ප්‍රජාව සහභාගී කරගනිමින් කඩොලාන පැළ සිටුවීමේ වැඩසටහනක්ද පැවැත්වීමට නියමිතයි.