කඩවත ඇල්දෙනිය ප්‍රදේශයේ තිබී ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබෙනවා.
දේශපාලන පක්ෂ කාර්යාලයක් ආසන්නයේ තිබී අදාළ ජීව අත්බෝම්බය සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම ජීව අත්බෝම්බය විදෙස් රටක නිෂ්පාදිත එකක් බව සඳහන්.
සිද්ධිය වාර්තා වීමෙන් පසු ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පැමිණ අදාළ අත්බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අනාවරණය වී නොමැති අතර කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
උණුසුම් පුවත්
- දියේ ගිලී අයෙක් මරුට
- මනුෂ්‍ය ඝාතනයකට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට
- කෙසෙල්ගමු ඔයේ අනවසරයෙන් මැණික් ගැරූ පහක් අත්අඩංගුවට
- කැලණිවැලි මාර්ගයේ දුම්රියක් පීලි පනී
- රේස් ගිය බස් දෙකට ලැබුණු දඬුවම
- රට බීම හලක් මුද්‍රා තබා වසා දැමේ
- ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා කැඳවීම හෙට සිට
- අයිස් අමුද්‍රව්‍ය කන්ටේනර් එළියට ආ විදිය – සජිත් අහයි – VIDEO –