විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණයට අවශ්‍ය කඩදාසි නොමැතිවීම හේතුවෙන් දෛනිකව නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමා කර ඇති බවට වාර්තා වනවා.
ප්‍රමුඛතාවය මත පමණක් දිනකට බලපත්‍ර 50 ක් පමණ නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සදහන්.
මේ සම්බන්ධයෙන් ආගමන විගමන පාලකවරයා හෝ එහි උසස් නිළධාරියෙකු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථවූයේ ඔවුන් දුරකතන වලට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.