අත්‍යවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ යම් ප්‍රමාණයක් ඇමරිකාවේ පරිත්‍යාගශීලීන් වෙතින් මෙරටට සපයා දීමට කටයුතු කරන බව ඇමරිකානු තානාපති ජූලි ජේ.චංග් මහත්මිය පවසනවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ.චංග් මහත්මිය අතර සිදු වූ සාකච්ඡාවකදී ඇය මේ බව සදහන් කර තිබුණා.
මෙම සාකච්ඡාව පැවැත්වුනේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දීයි.
මෙම හමුවේදී මෙරට ඖෂධ සැපයුම සහ සෞඛ්‍ය සේවාවන් පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා සිදු කර ඇති බවයි වාර්තා වුනේ.
එමෙන්ම මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය මෙන් ම එහි අනාගත අභිවෘද්ධිය පිළිබඳව ද මෙම හමුවේ දී වැඩි දුරටත් සාකච්ඡා කර තිබුණා.
රජයේ රෝහල් පද්ධතිය තුළ යම් යම් අවස්ථාවන්හි දී ඇතිවන ඖෂධ හිඟය මඟහැරවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී සදහන් කර තිබුණා.
රාජතාන්ත්‍රික මට්ටමින් රජයන් අතර සාකච්ජා කොට මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් ද මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් අවධාරනය කළේ.
සාකච්ඡාවට එක්වූ ඇමරිකානු තානාපතිනිය වැඩි දුරටත් සදහන් කළේ මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයන්හි අනාගත වර්ධනයන් ඇති කිරීමට ඇමරිකානු රජයේ මුල්‍ය, තාක්ෂණික, දැනුම සහ භෞතික සියලු සහයෝගයන් අඛණ්ඩව ලබා දෙන බවයි.
උණුසුම් පුවත්
- හිටපු මන්ත්‍රී ෂකිබ් තීරණයක් වෙනස් කරයි !
- චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි
- ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ කර්මාන්තකරුවන්ට ලක්ෂ 2 ක්
- රජය පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරයි
- ආධාර රැගෙන චීනයෙන් ගුවන් යානයක්
- ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්
- කොළඹ – පුත්තලම දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අඛණ්ඩව
- හානි වූ ඇල මාර්ග යළි යථා තත්ත්වයට











