ඖෂධ වර්ග 400 ක් හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගෙන රෝහල් වෙත බෙදා හැර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා .
එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ, ඉන්දියානු ණය යෝජනා ක්‍රම යටතේ ලැබුන ඖෂධ වර්ග 378 ක් ද රෝහල් වෙත බෙදාහැර ඇති බවයි.
කෙසේ වෙතත් රෝහල්වල ඖෂධ වර්ග 77ක හිඟයක් පවතින බව, ඔහු ප්‍රකාශ කලා.
මේ අතර ජනවාරි මාසේ සිට මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ සේවය කල වෛද්‍යවරුන්ගෙන් 40ක පමණ ප්‍රමාණයක් රටින් පිටව ගොස් ඇති බව වෛද්‍ය උපුල් ජයතිලක මහතා පවසනවා .
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා .