
සියලුම විදුලි වාහන සඳහා කොළ පැහැති පසුබිමක් සහිත නිශ්චිත සැලසුමක් සහිත අංක තහඩු නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. අනෙකුත් වාහන සඳහා පෙර පැවති පරිදිම සුදු සහ කහ පැහැති අංක තහඩු නිකුත් කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර, ලියාපදිංචි වාහන අසූ අට දහස්,740 ක් සඳහා නව අංක තහඩු සකස් කර ඇති බව සඳහන්.














