විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ වසර 17කට පසුව පළමු වතාවට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකින් පළමු වටයෙන්ම ඉවතට යාමට ඔස්ට්‍රේලියාව මෙවර සිදුව තිබෙනවා.
ඒ පල්ලෙකැලේදී අද(17) පැවැත්වීමට තිබූ සිම්බාබ්වේ සහ අයර්ලන්තය අතර තරගය අත්හිටුවීම හේතුවෙන්.
ක්‍රීඩාංගණයට පතිත වූ වැසි හේතුවෙන් තරගයට බාධා එල්ලවීමත් සමගින් තරගය අත්හිටුවීමට කටයුත කළා.
එම නිසා කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු 1 බැගින් හිමි වුණා.
එහිදී සිම්බාබ්වේ කණ්ඩායමට හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 5ක් දක්වා ඉහළ ගිය අතර අයර්ලන්ත කණ්ඩායමේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 3ක් දක්වා ඉහළ ගියා.
ඒ අනුව තරගයක් පමණක් ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රසාද ලකුණු දෙකක් ලබා සිටින අතර තවත් එක් තරගයක් ඔවුන්ට ඉතිරිව තිබෙනවා.
බී කාණ්ඩයේ ප්‍රසාද ලකුණු 6ක් ලබාගනිමින් ශ්‍රී ලංකාව පළමු ස්ථානයේ පසුවන අතර දෙවන ස්ථානයේ සිම්බාබ්වේ කණ්ඩායම පසුවනවා.














