දිවයිනේ ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු ලැබීම් අඩුවීම හේතුවෙන් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවට වාර්තා වෙනවා
එමෙන්ම, පාරිභෝගිකයින් සහ සිල්ලර වෙළඳුන් එළවළු මිලදී ගැනීම අඩු කර ඇති බැවින් අලෙවියේ විශාල අඩුවක් පවතින බවයි කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති ඩී.එන්.සිල්වා මහතා කියා සිටියේ.