එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය සඊද් බින් මුබාරක් අල් හාජිරි මහතා සහ අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එහිදී ද්විපාර්ශ්වික වෙළඳාම, ආයෝජන සහ විදේශ රැකියා වැඩි දියුණු කිරීම පිළිබඳවත් විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කිරීමේ ක්‍රම පිළිබඳවත් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
දේශපාලන ස්ථාවරත්වය, ආර්ථික ප්‍රගතිය සහ යහපාලනය ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව වර්තමානයේ අත්කරගෙන තිබෙන ප්‍රගතිය පිළිබඳවද විජිත හේරත් අමාත්‍යවරයා මෙහිදී එරට රාජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කළා.
උණුසුම් පුවත්
- මාලදිවයින් ආරක්ෂක අංශ භාරයටගත් ධීවර යාත්‍රාව සම්බන්දයෙන් විශේෂ විමර්ශන කණ්ඩායමක්
- නුවරඑලියේ ගෝවීන් හෙට දින වර්ජනයක
- සෞඛ්‍ය සේවාව ඩිජිටල් කිරීමට විශේෂ සාකච්ජාවක්
- රජය උපාදිධාරීන්ට දුන් පොරොන්දු ඉටු කිරීමට කිසිදු පියවරක් ගෙන නැහැ
- ක්‍රිකට් පිටියක පිය-පුතු දෙපලගෙන් අලුත් වාර්තාවක්
- මාරක අනතුරු හතරකින් නැවතුණු ජීවිත
- ට්‍රම්ප් G20 සමුළුව වර්ජනය කරන බව නිවේදනය කරයි
- පොලිසිය විශේෂ මෙහෙයුම්වලින් ඊයේ දින සැකකරුවන් 693ක් අත්අඩංගුවට













