එක්සත් ජාතීන්ගේ 80 වැනි රාජ්‍ය නායක සමුළුව ලබන සතියේ අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතයි.
විදෙස් වාර්තා සඳහන් කළේ, පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස්ට එම සමුඵව සඳහා එක්වීමට වීසා ලබාදීම අමෙරිකාව ප්‍රතික්ෂේප කර ඇති බවයි.
කෙසේවෙතත් එම සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඇමතීමට ඔහුට හැකියාව ලබාදෙන යෝජනාවක් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල බහුතර ඡන්දයෙන් සම්මත කරගෙන තිබෙනවා.
එසේම, මෙම සමුළුවේ දී පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමටද සැලසුම් කර ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කළා.