ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS FITZGERALD’ (DDG 62) නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඊයේ උදෑසන කොළඹ වරායට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.
මෙලෙස කොළඹ වරායට පැමිණි Destroyer වර්ගයට අයත් ‘USS FITZGERALD’ (DDG 62) නෞකාව, දිගින් මීටර් 154 ක් වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් Paul Richardson කටයුතු කරනු ලබනවා.