දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී තිබූ වාර්තාවක් තමන් සතු කරගැනීමට වනිඳු හසරංග ඊයේ සමත් වුනා.
ඒ බංග්ලාදේශයට එරෙහිව ඊයේ පැවති දෙවන එක්දින තරගයේ දී .
ඒ අනුව එක්දින කඩුලු 106කට ද හිමිකම් කියන වනිඳු, ජාත්‍යන්තර එක්දින පිටියේ ලකුණු 1000ත් කඩුලු 100ත් වේගයෙන්ම පසුකළ ක්‍රීඩකයා බවට පත්ව සිටි ෂෝන් පොලොක්ගේ වාර්තාව සිය නමින් ලිය ගැනීමට සමත්ව තිබෙනවා.
ෂෝන් පොලොක් මෙම සුවිශේෂි වාර්තාව එක්දින තරග 68කදී පිහිටුවා තිබූ අතර, වනිඳු එය බිඳදමනු ලැබුවේ තරග 65කට ක්‍රීඩාකරමින්.