නවතම අන්තර්ජාතික එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 6 වැනි ස්ථානය දක්වා පහල බැස තිබෙනවා.
ඒ, ඊයේ එංගලන්ත සමග පැවති එක්දින තරගාවලිය පරාජය වීමත් සමගයි .
ඒ අනුව 5 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව 6 වැනි ස්ථානයට පහල බැස ඇති අතර, 6 වැනි ස්ථානයේ සිටි දකුණු අප්‍රිකාව 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබුණා.
එංගලන්තය තවදුරටත් රැඳී සිටින්නේ 8 වැනි ස්ථානයේයි.
ලොව අංක එකේ එක්දින කණ්ඩායම ලෙස තවදුරටත් ඉන්දිය කණ්ඩායම පෙරමුණේ පසුවනවා.











